ටෙස්ට් නායකත්වය ධනංජයට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අද (03) ක්‍රිකට් මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළා.
එමෙන් ම එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

