ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17කාගෙන් සමන්විත සංචිතය නම්කර තිබෙනවා.
එහි මූලික සංචිතය පසුගියදා නම්කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (03) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සඳහන් කළේ සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැති බවයි.
එම 17 දෙනෙකුගෙන් සමන්විත සඳහා කුසල් මෙන්ඩිස් (නායක) චරිත් අසලංක (උප නායක) පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, නම් කර තිබෙනවා. මීට අමතරව එම සංචිතය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නම්කර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තරඟ සඳහා ක්‍රීඩා කිරීම තීරණය කරන බවයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

