ශිල්ප අභිමානී – 2023 ජනාධිපති සම්මාන උළෙල අද

ශිල්ප අභිමානී – 2023 ජනාධිපති සම්මාන උළෙල අද

“ශිල්ප අභිමානී – 2023” ජාතික හස්ත කර්මාන්ත තරගයෙන් තේරී පත්වන නිර්මාණ සහ එම නිර්මාණකරුවන් ජාතික මට්ටමින් ඇගැයීමට පත්කර ඒ සඳහා ජනාධිපති සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමීමේ සම්මාන උළෙල අද (03) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ජාතික මට්ටමේ තරඟයේදී තේරී පත්වන හොඳම නිර්මාණ 02ක් සඳහා රන් සම්මානද, හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් යටතේ රජත සම්මාන 21ක්ද, උප ක්ෂේත්‍ර 66ක් යටතේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහාද මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතයි.