රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවයක්

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා සඳහා රොෂියා ගුවන් සේවය එක්ව තිබෙනවා.
මෙම ගුවන් ගමන් සදහා බෝයිං – 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා ඇති අතර, ඔවුන් නිශ්චිත කාල සටහනකට අනුව සෑම සතියකම දින 04ක් රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ජනවාරි පළවනදා සිට එම ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් එරොෆ්ලොට් , අසූර් එයාර් සහ රෙඩ් වින්ග්ස් යන ගුවන් සේවා ක්‍රියාත්මකයි.

