ඩෙංගු මඩින්න වැඩසටහනක්

ත්රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් ලබන ඉරිදා සිට දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ එය ක්රියාත්මක අතර, අද සිට දිස්ත්රික් මට්ටමින් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ.
ලබන ඉරිදා සිට පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර ඊට පොලිසිය, ත්රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් මෙන්ම ග්රාම නිලධාරින්ගේ සහාය ද ලබා ගැනීමටයි තීරණය වී ඇති බව සඳහන්.

