නව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අයදුම්පත් කැඳවීම 10වැනිදා

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ හතරක් තෝරා ගැනීමේ අයදුම්පත් ලබන දසවනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අස්වැසුම ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන දෙසිය පහක මුදලක් සපයා ගැනීමේ සැලසුම් සකස් කර ඇති බවයි.

