යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර

යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර

යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර පැකේජයක් ලබාදීම සඳහා යුරෝපා කවුන්සිලය නියෝජනය කරන රටවල නායකයින් 27 දෙනාම එකඟතාව පළ කර තිබේ.

එම කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත් හංගේරියානු ජනාධිපති වික්ටර් ඕබර් විසින් වරින් වර සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ඔහු මෙම ආධාර පැකේජය අවහිර කරනු ඇති බවට ද සැකකයක් මතුවී තිබූ බව සඳහන් ය.

ආධාර පැකේජය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා කොමිසමේ සභාපති ප්‍රකාශ කර ඇත්තේ මෙම දිනය යුරෝපයටම ඉතා වැදගත් දිනයක් බවය.

https://shorturl.at/cO345

COMMENTS