සෞඛ්‍ය වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (01) උදෑසන ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (02) දිනයේද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ රුපියල් 35,000කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.
ඔවුන් මෙම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙරද වර්ජනයක නිරත වුණා.
කෙසේ වෙතත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟයි එම වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ.
එම සාකච්ඡාව ලබා නොදීම හේතුවෙනුයි සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙලෙස ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවට සඳහන් වන්නේ.

