සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය වර්ජනය හෙට (පෙබ. 3) උදෑසන 6.30 සිට තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ලබන පෙබරවාරි 6 වන අඟහරුවාදා ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ලිඛිත එකඟතාව පළ කර ඇත.
මේ මොහොතේ රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසීය.
මෙම ගැටලුවට සාධනීය පිළිතුරක් ලබා නොදෙන්නේ නම් පෙබරවාරි 7 වන බදාදා සිට නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට සියලු වෘත්තීය සමිති නායකයන් ඒකමතිකව තීරණය කර තිබේ.

