අලුත් ගුවන් යානා ගැන නිමල් සිරිපාල හේතු කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල් බදු පහසුකම් යටතේ අලුතින් ගුවන් යානා 4 ක් මිලට ගැනීමට ගත් තීරණය ගැන පැහැදිලි කිරීමට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඊයේ (03) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
කලක් තිස්සේ මතුව ඇති මූල්‍ය අර්බුද හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා ලංසු කැඳවීමට රජය තීරණ කර ඇති පසුබිමකයි මෙම ගුවන් යානා සඳහා ලංසු කැඳවෙන්නේ.
සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ අවශ්‍ය ගුවන් ගමන් සඳහා අලුතින් ගුවන් යානා මිලදී ගැනීම සිදු කරන බව කොළඹ ඊයේ පැවති අදාළ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සදහන් කළා.
එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකන් සභාපති අශෝක පතිරගේද එක්ක වී සිටියා.
මේ අතර ජාත්‍යන්තර ටයිම් අවුට් සඟරාව කළ සමීක්ෂණයක් අනුව තනිව සංචාරය කරන කාන්තාවන් සඳහා දකුණු ආසියාවේ හොඳම සංචාරක ස්ථාන අතර පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ.

