සභාපතිකම නැති වූ මෛත්‍රීගෙන් තීරණයක්

සභාපතිකම නැති වූ මෛත්‍රීගෙන් තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සිය නිවෙසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, තමා ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව දැන ගත්තේ මාධ්‍ය වාර්තා මගින් බවත්, ඊට අදාළ කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් තමා වෙත මෙතෙක් ලැබී නැති බවයි.

එහි දී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, “අපේ පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරු 14 දෙනාගෙන් මන්ත්‍රීවරු 11 දෙනෙක් ගිහින් තිබෙනවා ආණ්ඩුවට. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් අරන් තිබුණා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා හිටපු වෙලාවේ. ඒවා නොසලකා ඇමති තනතුරුවලට තියෙන කෑදරකම නිසා මිසක් රටටවත් පක්ෂයටවත් ජනතාවටත් ආදරයකට නෙවෙයි ගියේ.

බුලත් කොළය සහ පුටුව අපේ සන්ධාන ලකුණු දෙක ම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් ඉල්ලුවට දුන්නේ නෑ. මධ්‍යම කාරක සභාවේ අවස්ථා 3ක දී ඒ පොරොන්දුවීම් කඩ කළා. මොන අභියෝග ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු අපි සිදුකරනවා. ඉදිරියේ දී එක් පැත්තකින් අධිකරණයට කරුණු කියනවා වගේ ම අපි ජනතාවට නිවැරදි තත්ත්වය කුමක් ද කියන එක කියනවා.” යනුවෙන්.