අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.
ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව හේතුවෙන්.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ සහ බම්බලපිටිය බෝරා ප්‍රජාවගේ දේවස්ථානයේදී මෙම සමුළුව අද (07) සිට ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙනවා.
විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙන විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වෙනවා.


