දකුණට කඩුළු 6ක ජයක්

දකුණට කඩුළු 6ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 09 වැනි තරගය ලෙස Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර අද (07) පැවැත්වුණු තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 දැවී ලකුණු 175ක් වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කීරීමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 6ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Tim Seifert නොදැවී ලකුණු 82ක් රැස් කළ අතර Alex Hales ලකුණු 38ක්ද, Bhanuka Rajapaksa ලකුණු 16ක්ද රැස් කළා.

පන්දු යැවීමේ දී Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් Shoriful Islam කඩුලු 2ක් දවා ගත් අතර Wanindu Hasaranga සහ Lakshan Sandakan එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

එමෙන්ම Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග නොදැවී ලකුණු 65ක් රැස් කළ අතර Andre Fletcher ලකුණු 50ක් සහ Angelo Mathews ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 03ක්ද, Zahoor Khan කඩුලු 2ක් දවා ගත් අතර Dwaine Pretorius සහ Maheesh Theekshana එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

COMMENTS