දුම්රිය මාර්ගයේ කතා කර කර ගිය සිසුවා සහ සිසුවිය දුම්රියේ ගැටෙයි

දුම්රිය මාර්ගය දිගේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද (07) සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක වන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් දෙදෙනාම අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි වාර්තා වෙන්නේ.
මෙම සිසුන් දෙදෙනාගෙන් පාසල් ශිෂ්‍යාවට බරපතල තුවාල සිදුව ඇති බවත් සිසුවාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.
දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් සිසුවිය රෝහලට රැගෙන යන විටත් සිහිසුන්ව සිටි බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

