වනිඳු ක්‍රීඩාවේ ජීවගුණයට හානි කළාද ?

2024 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් සමග පැවැති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වාර්තා කළා.
මෙම තරගයේදී අනපේක්ෂිත සිදුවීම් කිහිපයක්ම දක්නට ලැබුණු අතර එහිදී චාමික කරුණාරත්න රැකගත් සුපිරි උඩපන්දුවක් තෙවැනි විනිසුරු ලබා නොදීමත් ආන්දෝලනයකට තුඩු දුන්නා.
ඒ අතරවාරයේදී තරග අවසන් වී සිය සහෝදර ක්‍රීඩකයින්ට අතට අත දීමේදී වත්මන් ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක මෙන්ම කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංග ,කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට අතට අත දීමෙන් වැලකී සිටින අයුරු ද දක්නට ලැබුණා.
අදාළ සිදුවීම ක්‍රීඩාවේ ජීවගුණයට කළු පැල්ලමක් එක් කළ බවට සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩාලෝලීන් සටහන් තබමින් වනිඳුට දැඩි විවේචන එල්ල කර තිබුණා.

