ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා රෙවළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකි සිටින ලෙස දැනුවත් කෙරෙනවා.
බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු වන බවයි කාලගුණ අංශ පවසන්නේ.
ප්‍රදේශ රැසකට මිලි මීටර 75 ඉක්මවු තද වැසි ද ඇති විය හැකියි.
අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වෙන බවයි කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.
ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන අතර මධ්‍යම , සබරගමුව , දකුණ සහ ඌව පළාත්වල මීදුම් තත්ත්වයක් ද පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති වන බැවින් ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙසයි දැනුවත් කෙරෙන්නේ.
උතුර ,උතුරු මැද , නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල මිලි මීටර 75 ඉක්මවු තද වැසි ඇති විය හැකියි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුවත් කෙරෙනවා.

