ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක්

ඊයේ (02) දිනයේ සිට එළඹෙන (08) වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කරතිබෙනවා.
එළඹෙන (08) වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කර ඇති අතර ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’ යන්න මෙවර කාන්තා දින ජාතික තේමාවයි.
ඒ අනුව ඊයේ (02) දිනයේ සිට (08) වනදා දක්වා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.
එළඹෙන (05) සහ (06) යන දෙදින පුරා ‘ලිය ශක්ති’ කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කොට ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සංකල්පය පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, “සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිතයි.

