නවක වදය ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට

නවක වදය ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට

දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, අද(05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔවුන්, ඊයේ(04) අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ය.

පොලීසිය සඳහන් කළේ, එම සිසුන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන බවයි.

පසුගිය 29 වැනිදා සමනලවැව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන්, පාර්ශ්ව කිහිපයකින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

COMMENTS