රාජ්‍ය ආයතනවලට කැබ් රථ 2,000ක් ආනයනයට සැලසුම්

රාජ්‍ය ආයතන සඳහා කැබ් රථ 2000 ක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වසර 15 කින් පමණ වාහන ලබා දී නොමැති බවයි.
මේ හේතුවෙන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යන රාජ්‍ය නිලධාරීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේ ය.
පවතින ගැටලු සියල්ල සලකා බලා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වාහන ආනයනය කිරීමට නියමිතව තිබේ.
එහිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය පියවීමට ප්රමුඛ අවධානය යොමු කරන බවද අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

