මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමේ තීරණයක්

කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර තිබේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රි පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කල බවයි.

