විශ්වවිද්‍යාල දූෂණය පිටුදැකීමට අවබෝධතා ගිවිසුමක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දූෂණය පිටුදැකීම හඳුන්වාදීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතරය.
එම අවබෝධතා ගිවිසුමට අනුව රටේ දූෂණය පිටුදැකීමේ වෑයමෙහි සන්ධිස්ථානයක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන ලදි.
ඒ අනුව උසස් අධ්‍යාපන පද්ධතියට දූෂණ විරෝධි වටිනාකම් එක් කිරීම සඳහා වන විස්ථීරණ රාමුවක් හඳුන්වා දීමට නියමිතය.
අවබෝධතා ගිවිසුමට අනුව විශ්වවිද්‍යාලවල සියලු කාර්ය මණ්ඩලවල සහය ලබා ගෙන සුපිලිපන් බව පදනම්කර ගත් අධ්‍යයන පාඨමාලා ක්‍රියාවට නංවනු ඇත.
විශේෂිත වැඩමුළු, විද්‍යාර්ථයින්ගෙන් සැදුම්ලත් සුපිළිපන් සමාජ මෙන්ම සුපිළිපන් බව අභිමුඛ කර ගත් පර්යේෂණ සම්මන්ත්රණ සංවිධානයටද මේ අනුව සිදු කෙරෙන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කරන ලදි.
විශ්වවිද්‍යාල දිවියේ සියලු ඉලක්කයන් දූෂණ විරෝධී මූලධර්ම මත පදනම්ව සපුරා ගැනීම එහි ඉලක්කය වේ.

