නව යොවුන් වියේ ගැබ් ගැනීම් ඉහළට

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී නව යොවුන් වියේ ගැබ් ගැනීම් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
2025 වසරේදී නව යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් වාර්තා වී ඇති අතර 2024 වසරේදී වාර්තා වී ඇති ගණන 53කි.
ළමා අපයෝජන සහ අනෙකුත් ළමා හිංසන ආශ්රිත වාර්තාව ඉදිරිපත් කරමින් පසුගිය වසරේ ළමා විවාහ 9ක් හා ගබ්සා කිරීම් 03ක් වාර්තා වී ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.
පසුගිය වසරේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන්ට සිදුවූ හිංසන සම්බන්ධයෙන් සිදුවීම් 150ක් වාර්තා වී තිබෙන අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ, පසුගිය වසරේ ළමුන් ආශ්රිත මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සිදුවීම් 116 ක් වාර්තා වී ඇති බවයි.
පසුගිය වසරේදී ගෘහස්ථ හිංසන ආශ්‍රීතව සිදුවීම් 54ක් මෙන්ම සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීම් 20ක් ද වාර්තා වී තිබේ.
ගතවූ වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට, ළමා හිංසන සම්බන්ධයෙන් ලැබී ඇති සංඛ්‍යාව 10,455කි.
ඒ අතරින් සිය විෂය පථයට සෘජුවම අදාළ නොවන පැමිණිලි 1,941ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.

