මැදපෙරදිග යුද ගැටුමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

මැදපෙරදිග යුද ගැටුමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රථමවරට බොරතෙල් නෞකාවක් අද(17) දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, එම නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 97500ක් රැගෙන එන බවයි.

මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා තුනක් මෙරටට ළඟා වන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, අමෙරිකානු බොරතෙල් නෞකාවක්, ලබන මාසයේ අග භාගයේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.

ඊට, ඉන්ධන පිරවීම මේ වන විට සිදු කෙරෙන බව, මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළා.

එය දිවයිනට සේන්දු වීමට ගත වන කාලය, දින 45ක්.

COMMENTS