උත්සව සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ සදහන් කළේ, පසුගිය 08 වෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ අතර එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත් බවයි.
මගීන්ගෙන් ලබාගත් එම අධික මුදල් යළිත් ඔවුන් වෙත ලබාදීම කටයුතු කළ බවත් අදාල බස් රථ සදහා දඩ මුදල් නියම කිරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

