වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචිය අද සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ, එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදුකෙරෙන බවයි.
දන්සැල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීමටද නියමිත වන බව ඔහු සඳහන් කළේ ය.

