තමිල්නාඩුවේ බලය ඇල්ලූ සුපිරි නළු විජේ

තමිල්නාඩුවේ බලය ඇල්ලූ සුපිරි නළු විජේ

තමිල්නාඩු දේශපාලනය උඩු යටිකුරු කරමින්, දකුණු ඉන්දියාවේ සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් මීට වසරකට පෙර ආරම්භ කළ TVK පක්ෂය දැනට ආසන 105ක බලය තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව වසර 50කට වැඩි කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂවල බලාධිකාරිය බිඳ වැටෙනු ඇති.

1960 දශකයේදී කොංග්‍රස් පක්ෂය පරාජයට පත් කරමින් බලයට පත්වූ DMK පක්ෂය සහ පසුව AIADMK පක්ෂය වරින් වර ප්‍රාන්තයේ බලය තහවුරු කරගත්තේය..

M කරුණානිධි,, DMK පක්ෂයේ හිටපු ප්‍රභලයෙකු වන අතර, ජනප්‍රිය රංගන ශිල්පීන් වූ MGR සහ ජයලලිතා AIADMK පක්ෂයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධුරයේ කටයුතු කළේය.

නිකුත් වී ඇති නිල ප්‍රතිඵලවලට අනුව වත්මන් ප්‍රධාන අමාත්‍ය M K ස්ටාලීන් නියෝජනය කරන DMK පක්ෂය මෙවර දිනාගෙන ඇත්තේ ආසන 59ක් පමණයි.

AIADMK පක්ෂයට ආසන 46ක් හිමිව තිබේ.

කොංග්‍රස් පක්ෂය දිනා ඇති ආසන සංඛ්‍යාව 5ක්.

COMMENTS