සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර

සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර

මෙරට අධිවේගී මාර්ග සඳහා සහ දුර ගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවයි.

දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණ බවත් ඔහු පැවසීය.

ඉන් බස් රථ වලින් එකසිය හැත්තෑවක් පමණ ආනයනය කරනු ලබන්නේ අධිවේගී මාර්ගවල සේවා සඳහා යෙදවීමටයි.

සෙසු බස් රථ කොළඹ සිට අනෙකුත් දුර ගමනාන්ත සඳහා යොදවනු ඇති.

COMMENTS