දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර් ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර් ව අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර දෙක යටතේයී.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර කටුනායකට ගොඩ බැස්වීමට නියමිතව තිබු ගුවන් යානා 07ක් අධික වැසි හේතුවෙන් වෙනත් ගුවන්තොටුපළක් වෙත යොමු කිරිමට පියවර ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරීය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, ගුවන් යානා 05ක් මත්තල ගුවන්තොටුපෙළට යොමු කළ බවයි.

තවත් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ මදුරෙයි සහ කොච්න් වෙත යොමු කිරිමට පියවර ගත් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

COMMENTS