වෙසක් සිරි නැරඹීමට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා

වෙසක් සිරි නැරඹීමට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා

වෙසක් සිරි නැරඹීමට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අද(30) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සහ හෙට කොළඹ කොටුව හා අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.

කොළඹ කොටුව සිට සියලු පළාත් ආවරණය වන පරිදි එම බස් රථ යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සංවිධාන කර තිබේ.

එම මණ්ඩලය පැවසුවේ, වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රවාහන සේවා සංවිධාන කර ඇති බවයි.

COMMENTS