කලාකරුවන් අදත් පාර්ලිමේන්තු වටරවුමට රොක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම බලයෙන් පහව යන ලෙසත්, ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසත් බල කරමින් විරෝධතා පවත්වන කලාකරුවෝ විශාල පිරිසක් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුමට එක් රොක් වී සිටිති.
කලාකරුවන්ගේ එම විරෝධතාවයට සහාය පල කරමින් තව තවත් ජනතාව එම ස්ථානයට එක් රොක් වෙමින් තිබෙන බවද වාර්තාවේ.










