රී ලංකාව ගැන එජා මානව හිමිකම් කොමසාරිස්ගේ කීවේ මොනවා ද? රජයේ ප්‍රතිචාරය කුමක් ද?
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී තිබෙන ආර්ථික, සාමාජීය හා පාලන අභියෝගවලට හේතුව ලෙස පෙන්නුම් කෙරෙන්නේ මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසර සංවර්ධනය කෙරෙහි මිලිටරීකරණය, සහ වගවීම නොමැතිකම යන තත්ත්වයන්ගෙන් අඛණ්ඩව එල්ල කෙරෙන පීඩාකාරී බලපෑම බව යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පවසයි.
ඊයේ (සැප්තැම්බර් 13) ස්විට්සර්ලන්තයේ ජිනිවාහී ඇරඹි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරයට සමගාමීව ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස් මිෂෙල් බෂලේ එම කරුණු සඳහන් කළාය.
එහෙත්, ඊට ප්‍රතිචාර දක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (සැප්. 14) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදා වෙතින් මේ මොහොතේ සිදුනොවන බවය.
අද (සැප්තැම්බර් 14 දා) පවතී කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත්පත් සාකච්චාවට සහබාගි වෙමින් අමාත්‍ය ඩලස් අලහපෙරුම එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිශෙල් බැෂලේගේ ප්‍රකාශයට රජයේ ස්ථාවරය හෙළිකරමිනි.
“පනතේ වගන්ති දෙකක් වෙනස කරලා ආහාර බෙදාහැරිම සම්බන්ධයෙන් ඊට අදාළව හමුදා පාර්ශවයෙන් සම්බන්ධ කරගෙන තියෙනවා. එන්නත්කරන ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත්වීම ධණාත්මකද සෘණාත්මකද? ආහාර බෙදා හරිම සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් නමුත් ප්‍රයෝගිකව රට තුළ සිද්ධවන දේ පිළිබඳව, එය දර්ශකයක් විදිහට පාවිච්චි කරලා මේ පිළිබඳව අපි තීන්දු ගමු ප්‍රකාශයට පත්කරමු. එවැනි දෙයක් මේ මොහොතේ සිදු නොවන බව අපි කාටත් පැහැදිලිව එකේ සාක්ෂිකරුවන් වෙන්න පුළුවන් කිසිම ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදාවන් වෙතින් මේ මොහොතේ සිදුවෙන්නේ නෑ කියල කියන විශ්වාසය ප්‍රයෝගිකවම අපිට තියෙනවා,” අමාත්‍ය ඩලස් අලහපෙරුම පැවසීය.
මහ කොමසාරිස් මිෂෙල් බෂලේ කළ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු හයක්:
හදිසි නිතිය පැනවීම
දැඩි ආර්ථික අවපාතය මධ්‍යයේ ආහාර සුරක්‍ෂිතතාව සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකාවේ නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම හදිසි අවස්ථා රෙගුලාසි ඉතා පුළුල් වන අතර සිවිල් කටයුතු වලදී හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කළ හැකිය.
ඇය පවසන්නේ රජය හදිසිනීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තම කාර්යාලය හොඳින් නිරීක්ෂණය කරනු ඇති බවය.
මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර
“ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ ජනාධිපතිතුමා සහ සිවිල් සමාජ නායකයින් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය පුළුල් කරන්න ඒ වගේ හමුවීම් වැඩි කළ යුතුයි.
එහෙත් කණගාටුවට කරුණක් තිබෙනවා. මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්, මාධ්‍යවේදීන්ට හා අතුරුදන්වූවන්ගේ පවුල් පිළිබඳව තවදුරටත් සමීපව නිරීක්ෂණය කිරීම, බිය ගැනීවීම් හා අධීකරණ ක්‍රියාමාර්ග හරහා අපහසුතාවන්ට පත්කිරීම් සිදු වනවා. එපමණක් නොව මේ ක්‍රියාකාරකම් රජය විවේචනය කරන සිසුන්, විද්වතුන්, වෘත්තීයවේදීන්, වෛද්‍ය වෘත්තිකයින් සහ ආගමික නායකයින් දක්වා වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවති සමකාමී උද්ඝෝෂණ හා අනුස්මරණ උත්සවවලට එරෙහිව අධික ලෙස බලය භාවිත කිරීම, උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදු වුණා.”
“සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය වෙමින් පවතින අතර මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ මූලික නිදහසට තවදුරටත් බාධා ඇති වෙයි කියන බියක් පවතිනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අලුතින් නීති ගෙන ඒමට පෙර ජනතාව අතර පුළුල් කතිකාවතක් ගොඩනගන ලෙස.”