ගෙවන්න සල්ලි නැතිව තෙල් නැව් මුහුදේ

ගෙවන්න සල්ලි නැතිව තෙල් නැව් මුහුදේ

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම්ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී ‌නැත.

තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයය පැවසුවේ, නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බවයි.

COMMENTS