එංගලන්තයත්, ප්‍රංශයත් පාලනය කරන්නේ රාජපක්ෂලා ද ?

එංගලන්තයත්, ප්‍රංශයත් පාලනය කරන්නේ රාජපක්ෂලා ද ?

පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර එය ලොව පුරා පවතින තත්ත්වයක් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එසේම එංගලන්තයේ දරුවන්ගේ කෑම පෙට්ටිවල ද කෑම නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ හේතුවෙන් එංගලන්තයේ ළමුන් කෑම අනුභව කිරීමට නියමිත වේලාවේදී ක්‍රීඩා පිටියට යන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ‘එක්ව නැගිටිමු’ මැයෙන් සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලි මාලාවේ දෙවැන්න අද(16) නාවලපිටියේදී ආරම්භ වූ අවස්ථාවේ ඊට එක්වෙමින්.

එසේම ප්‍රංශයේ ද ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එංගලන්තය සහ ප්‍රංශය පාලනය කළේ ද රාජපක්ෂවරුන්දැයි මහින්දානන්ද අලුත්ගමගේ එම ජන රැලියේදී ප්‍රශ්ණ කර සිටියා.