අඩු ආදායම්ලාභීන්ට සහ කලාකරුවන්ට නිවාස ඒකක

චීනයේ ණය ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා හිමිවන නිවාස ඒකක ගණන 1,888 ක්.
මහරගම, පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ කොට්ටාව ප්‍රදේශවල ඉදි කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීනයෙන් යුආන් මිලියන 552 ක ණය ආධාර මුදලක් ප්රදානය කෙරෙන අතර, ඊට අදාළ ගිවිසුමට පසුගිය වසරේ අත්සන් තබා තිබෙනවා.

