ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 සටන අද

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 සටන අද

2023 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙන ඉන්දීය සංචාරය අද (03) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා – ඉන්දියා තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරඟාවලියේ පළමු තරඟය රාත්‍රි 7ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීය විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්වන 6වන අවස්ථාව මෙය වන අතර මීට පෙර පැවති තරගාවලි පහම ජයගනු ලැබුවේ ඉන්දියාවයි.

එමෙන්ම විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග 26ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 17ක් ජයගනු ලැබුවේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණයි.

පළමු තරගය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක කියා සිටියේ ඉන්දියාව හොඳ කණ්ඩායමක් බැවින් තම පිල මෙම තරගාවලියේ දී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවයි.