කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවක් – මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවක් – මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ව්‍යාජ දළඳා මාලිගාවක් නිර්මාණය කර ගොඩනැගීම හා දළදා මාලිගාවට අපහාසවන ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙනවා.

කුරුණෑගල වදාකඩපාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු මෙම ව්‍යාජ දළඳා මාලිගාව ඉදිකරමින් සිටින බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.

ගිහි පැවිදි බොහෝ දෙනා මිත්‍යාවට රැවටී මෙම ස්ථානයට රත්රන් ආදිය පරිත්‍යාග කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතිනවා.

එමෙන්ම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයට සේපාල අමරසිංහ නමැත්තෙකු බුදුදහමට හා ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවද මහ නායක ස්වාමීන් වහන්සේ යොමුකළ ලිපියේ දැක්වෙනවා. එබැවින් මේ පිළිබද කඩිනම් පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.