ඩයනාගේ පුරවැසි කම ගැන හොයන්න උසාවියෙන් නියෝගයක්

ඩයනාගේ පුරවැසි කම ගැන හොයන්න උසාවියෙන් නියෝගයක්

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජ බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දන්වා සිටියේ ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා තිබුණ ද එය මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අදාළ වාර්තාව ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශය හරහා එම තානාපති කාර්යාලය වෙත යොමුකර තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහිදී අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම පැමිණිල්ල නැවත පෙබරවාරි මස 9 වැනිදා කැඳවීමට නියමිතයි.

COMMENTS