තවත් පොලිසිසේ 10කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් උසස් පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.
නීති දිසාව සහ මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ.වී.ඩී.ඒ කරවිට මාරුකර ඇත්තේ අපරාධ දිසාව භාරවයි.
රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජේ.පී.ජී ජයසිංහ මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර මත්ද්‍රව්‍ය දිසාව භාරව පත්කර සිටි නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.
මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙක්, පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

