අදත් වැස්ස දෙයි වැඩේ

අදත් වැස්ස දෙයි වැඩේ

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පළාතෙත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

COMMENTS