බිත්තර ආනයනයේ දී ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල්

බිත්තර ආනයනයේ දී ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල්

බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා. මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුවයි.

අද (09) දිනයේ බිත්තර ආනයනය සඳහා ජාත්‍යන්තර මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා අවසන් කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළා.

පළමු අදියර යටතේ බිත්තර මිලියන 5ක් ආනයනය කිරීමට සැලසුම් යොදා තිබෙනවා.

ඒ අනුව පළමු තොගය ඉන්දියාවේ – තමිල්නාඩුවෙන් ආනයනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ගතවන්නේ දින දෙකක් පමණයි.

ඉන්දියාව සමඟ ඉන්දීය රුපියල් යොදා ගනිමින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙරටට ද ලබා දීමට ඉන්දීය මහ බැංකුව පසුගියදා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව වෙළඳගනුදෙණු සඳහා ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් යොදා ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා වොස්ට්‍රෝ ගිණුම් 3ක් විවෘත කිරීමට ද ඉන්දීය මහ බැංකුව අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ වසර 50කට පසු ඉන්දියාවේ බිත්තර මිල ඉහල ගොස් ඇති බවයි.

අද (09) සිට එරට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ ඉන්දීය රුපියල් 5යි ශත 65කටයි.

මේ අතර පළාත් 3කට අද දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.