දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවක වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික සුසිත් අරුණසිරි පැවසුවේ, ආර්ථික ගැටලු ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයට ක්‍රියාත්මක බවයි.
වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

