රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතන සේවකයින්ගේ “Paye Tax” ගැන තීරණයක්

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
උපයන විට බද්ද, කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් රජය වෙත ගෙවිය යුතු අතර, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහෙත් රටේ වර්තමානයේ පවතින තත්වය තුළ එවැනි අක්රමිකතාවලට ඉඩතැබිය නොහැකි බැවින් ඊට අදාළ චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

