අදත් වැසි රහිත කාලගුණයක්

අදත් වැසි රහිත කාලගුණයක්

අද (12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

සුළං ඊසානදෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ වෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩි විය හැකියි.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි.

තවද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

COMMENTS