ඉන්දු – ශ්‍රී ලංකා දෙවන එක්දින සටන අද

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන එක්දින සටන අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අද (12) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ටයි.

කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ දී ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

ආබාධයකට ලක්වූ දිල්ෂාන් මධුශංක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අද (12) ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බව සඳහන්.

දෙරට අතර පළමු එක්දින තරඟය ලකුණු 67කින් ජය ගත්තේ ඉන්දියාවයි.

COMMENTS