STF නිලධාරීන් 664කට උසස්වීම්

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 664දෙනෙකු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස් වීම් ලැබූ නිලධාරින් සංඛ්‍යාව 495ක්.
පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 111ක්, පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 8දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට නිලධාරින් 6දෙනෙකු ඒ අනුව උසස් වීම් ලබා තිබෙනවා.
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 3දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 41දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය අංශය පවසනවා.

