ප්‍රංශයේ රී – යුනියන් දූපතට ගිය 46 දෙනෙක් එරටින් පිටුවහල් කරලා

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී – යුනියන් දූපත වෙත ඇතුලුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු ගුවන් මගින් ශ්‍රී ලංකාවට යළි පිටුවහල් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ප්‍රංශ බලධාරීන් විසින් පසුගිය දා (13) මොවුන් නැවත මෙරටට පිහිටුවහල් කර ඇති බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 2 වනදා මීගමුව ප්‍රදේශයෙන් බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් ඔවුන් රී – යුනියන් දූපත ඇතුලුවීමට උත්සහ කර තිබුණා.
එම යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සහ එක් කුඩා ළමයෙකු සිට තිබෙනවා.
ඔවුන් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර මිනිස් ජාවාරමේ යෙදුනු යාත්‍රා 42 ක් සහ පුද්ගලයින් 1,532 ක් පසුගිය වසර තුළ නාවික හමුදාව විසින් තම භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යාත්‍රා සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
මේ අතර ගජමුතු 46 ක්, රත්‍රං කිලෝ 2 යි ග්‍රෑම් 384 ක් සමඟ පුද්ගලයින් 39 දෙනෙකු පසුගිය වසර තුළ නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
එමෙන්ම මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 36 ක් සහ ඉන්දීය ජාතිකයින් 264 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

