විදුලි බිල වැඩේ කිරීමේ යෝජනාව පිළිගන්නේ නැහැ – PUCSL

විදුලි බිල වැඩේ කිරීමේ යෝජනාව පිළිගන්නේ නැහැ – PUCSL

විදුලි බිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දන්වයි.

විදුලි ගාස්තු සංශෝධනය නුසුදුසු බව සඳහන් කරමින් ඔහු මෙම දැනුම් දීම කර තිබුණා.

මහජන උපයෝගිතා කොමිසමට පැවරී ඇති බලතල අනුව විදුලි ගාස්තු සංශෝධනයක දී එම කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වනවා.

විදුලිය ගාස්තු ජනවාරි මස 1 වනදා සිට ඉහළ දැමීමට පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා.

මේ අතර අද සහ හෙට යන දෙදින තුළත් පැය 02යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.

COMMENTS