කබ්රාල්ගේ රට ගමන් තහනම දීර්ඝ කෙරේ

කබ්රාල්ගේ රට ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල්ගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වැනිදා දක්වා කල් ලබා දී තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ, ඔහු 2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින්.