ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙක් ව ඝාතනය කෙරේ

ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙක් ව ඝාතනය කෙරේ

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සිටි පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ.

අත්පය ගැට ගසා තිබූ ඔහුගේ සිරුර අද (17) ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා උපදේශකවරයෙකුට හමුව තිබුණු බව වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවූ උපුල් සම්පත් නැමැති තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.