පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කළ කතාව බොරුවක්

පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව ය.
තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස “ආයුර්වේද කොමසාරිස් ජනරාල්” ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


